USAID මූල්‍යාධාර සැපයුවේ ඇතැම් රටවල දේශපාලනික අස්ථාවරත්වයක් වෙනුවෙන් (වීඩියෝ)

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) විසින් සිය ආධාර සැපයීමේ අරමුණ වන්නේ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් හි දේශපාලනික අස්ථාවරත්වයක් ඇති කිරීමට බව චෝදනාවක් එල්ල වී තිබෙනවා.

විශේෂයෙන් ම ඉන්දියාව, බංග්ලාදේශය සහ අනෙකුත් ජාතීන් අස්ථාවර කිරීම සඳහා USAID ප්‍රදාන භාවිතා කළ බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

පසුගියදා ට්‍රම්ප් පරිපාලනය මගින් ද USAID හි සබඳතා අත්හිටුවා දැමීමට කටයුතු කෙරුණා.

හංගේරියානු – අමෙරිකානු බිලියනපති ජෝර්ජ් සෝරෝස්ගේ සංවිධාන, දේශපාලන කටයුතුවලට බලපෑම් කිරීමට සහ ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක් අස්ථාවර කිරීමට, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියෙන් (USAID) ඩොලර් මිලියන 260ක් ලබාගත් බවයි ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වන්නේ.

X (ට්විටර්) හි සටහනක, ට්‍රම්ප් වෙත චෝදනා කරමින් සඳහන් කර ඇත්තේ, “ජෝර්ජ් සෝරෝස් USAID වෙතින් ඩොලර් 260,000,000.00ක් ලබා ගත් අතර, එම මුදල් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, යුක්රේනය, සිරියාව, ඉරානය, පකිස්ථානය, ඉන්දියාව, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය තුළ අවුල්සහගත තත්ත්වයන් පතුරුවා හැරීමට, ආණ්ඩු වෙනස් කිරීමට සහ පුද්ගලික ලාභ ලැබීමට භාවිතා කළ” බවයි.

ට්‍රම්ප්ගේ පරිපාලනය USAID හි අයවැය කැටි කර ඇති බැවින්, ඔහුගේ ප්‍රකාශ එක්සත් ජනපද විදේශ ආධාර පිළිබඳ වැඩිවන පරීක්ෂාවට හේතු වන බව ද වාර්තා වනවා.

පසුගිය වසර 15 තුළ, USAID ආයතනය සෝරෝස් සමඟ අනුබද්ධ සංවිධාන සඳහා ඩොලර් මිලියන 270කට වඩා ප්‍රදානය කර ඇති බව වාර්තා පෙන්වා දෙනවා.

මස්ක්ගේ මැදිහත්වීම, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සහ දේශපාලන බලපෑම සඳහා විදේශ ආධාර භාවිතා කිරීම පිළිබඳ රිපබ්ලිකන් විවේචන තවදුරටත් තීව්‍ර කර ඇති බවත් වාර්තාවේ සඳහන්.

ඉන්දියාවේ, පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) දිගු කලක් තිස්සේ සෝරෝස් විපක්ෂ කණ්ඩායම්වලට සහාය දෙන බවත්; අගමැති නරේන්ද්‍ර මෝදිගේ විචාරකයින්ට අරමුදල් සපයන බවත් චෝදනා කර තිබෙනවා.

මේ අතර USAID විසින් සපයනු ලබන මූල්‍යාධාර සම්බන්ධයෙන් මීට පෙර ද තමන් අනාවරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.

නමුත් එදා පැවසූ දේ අද වනවිට ලෝක බලවතෙකු වන අමෙරිකානු ජනාධිපතිවරයා ද තහවුරු කර ඇති බව‍යි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ.

හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සම්පූර්ණ කතාව මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?