USAID කටයුතු නතර කිරීමේ ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව තහනම් නියෝගයක්

ලෝකයේ දුප්පත්ම කලාප ඇතුළුව රටවල් 120ක පමණ සෞඛ්‍ය හා සුබසාදන වැඩසටහන් ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ (USAID) කටයුතු නතර කිරීමේ තීරණයක් ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම තීරණයට තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කිරීමට එරට අධිකරණයක් තීරණය කර තිබෙනවා.

USAID හි කාර්ය මණ්ඩලය දස දහසෙන් සේවකයින් 611 දෙනෙකු හැර සෙසු සියලුමදෙනා වැටුප් සහිත නිවාඩු යැවීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා තීරණයක් ගෙන තිබුණා.

ට්‍රම්ප්ගේ එම තීරණයට එරෙහිව පිරිසක් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකළ අතර, ඔවුන් එහිදී දක්වා තිබුණේ ට්‍රම්ප් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ෆෙඩරල් නීතිය උල්ලංඝනය කරන බවයි.

ෆෙඩරල් ප්‍රඥප්තියට අනුව, USAID ආයතනය නීත්‍යානුකූලව විසුරුවා හැරිය හැකි එකම ආයතනය කොංග්‍රසය බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

එම කරුණු සැලකිල්ලට ගෙන ට්‍රම්ප්ගේ මෙම තීරණයට තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ (USAID) සැලකෙන්නේ ලොව විශාලතම ආධාර පරිත්‍යාගශීලියා ලෙසයි.

එහි අයවැයෙන් වැඩි ප්‍රමාණයක් ලොව පුරා රටවල් රැසක සෞඛ්‍ය වැඩසටහන් සඳහා වැය කරන අතර, දස දහසක් වූ කාර්ය මණ්ඩලයෙන් තුනෙන් දෙකක් විදේශයන්හි සේවය කරනු ලබනවා.

USAID හි අයවැය ඩොලර් බිලියන 40 ක් පමණ වන අතර, එය මුළු ඇමරිකානු වාර්ෂික රජයේ වියදම්වලින් ඩොලර් ට්‍රිලියන 6.75ක් පමණ වනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේ USAID හි දූෂණය සහ වංචාව ඇති බව අනාවරණය වීමත් සමඟ මෙම තීරණයට එළඹී බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?