USAID කටයුතු නතර කිරීමේ ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව තහනම් නියෝගයක්

ලෝකයේ දුප්පත්ම කලාප ඇතුළුව රටවල් 120ක පමණ සෞඛ්‍ය හා සුබසාදන වැඩසටහන් ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ (USAID) කටයුතු නතර කිරීමේ තීරණයක් ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම තීරණයට තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කිරීමට එරට අධිකරණයක් තීරණය කර තිබෙනවා.

USAID හි කාර්ය මණ්ඩලය දස දහසෙන් සේවකයින් 611 දෙනෙකු හැර සෙසු සියලුමදෙනා වැටුප් සහිත නිවාඩු යැවීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා තීරණයක් ගෙන තිබුණා.

ට්‍රම්ප්ගේ එම තීරණයට එරෙහිව පිරිසක් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකළ අතර, ඔවුන් එහිදී දක්වා තිබුණේ ට්‍රම්ප් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ෆෙඩරල් නීතිය උල්ලංඝනය කරන බවයි.

ෆෙඩරල් ප්‍රඥප්තියට අනුව, USAID ආයතනය නීත්‍යානුකූලව විසුරුවා හැරිය හැකි එකම ආයතනය කොංග්‍රසය බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

එම කරුණු සැලකිල්ලට ගෙන ට්‍රම්ප්ගේ මෙම තීරණයට තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ (USAID) සැලකෙන්නේ ලොව විශාලතම ආධාර පරිත්‍යාගශීලියා ලෙසයි.

එහි අයවැයෙන් වැඩි ප්‍රමාණයක් ලොව පුරා රටවල් රැසක සෞඛ්‍ය වැඩසටහන් සඳහා වැය කරන අතර, දස දහසක් වූ කාර්ය මණ්ඩලයෙන් තුනෙන් දෙකක් විදේශයන්හි සේවය කරනු ලබනවා.

USAID හි අයවැය ඩොලර් බිලියන 40 ක් පමණ වන අතර, එය මුළු ඇමරිකානු වාර්ෂික රජයේ වියදම්වලින් ඩොලර් ට්‍රිලියන 6.75ක් පමණ වනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේ USAID හි දූෂණය සහ වංචාව ඇති බව අනාවරණය වීමත් සමඟ මෙම තීරණයට එළඹී බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37