Update – 16 හැවිදිරි පෙම්වතිය ඝාතනය කළ හිටපු පෙම්වතාත් සියදිවි නසාගනී

ගම්පොළ, මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී 16 හැවිරිදි දැරිය ඝාතනය කළ පුද්ගලයා ද සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා ලිපියක් ද ලියා තබා නිවසේ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

මෙලෙස සිය දිවි හානිකරගත් පුද්ගලයා වයස අවුරුදු 28ක පන්විලතැන්න ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 16ක දැරියක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා.

පොලිසිය පැවසුවේ ප්‍රේම සබදතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බවයි.

ඝාතනයට ලක් වූ දැරිය සහ මෙම පුද්ගලයා අතර මීට පෙර ප්‍රේම සම්බන්ධතාවක් පැවති බවට කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?