Update – ගම්පොළ ෆාතිමාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට

ඝාතනය කර වළ දමා තිබිය දී සොයාගත් ගම්පොළ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවිවරා නම් 22 හැවිරිදි තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.

ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරණු ලැබුවේ මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිවසුබ්‍රමණියම් විසින්.

අද (14) දින සිදුකළ එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ෆාතිමාගේ මරණය ගෙළ සිර කිරීමෙන් සිදුවූවක් බවට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම ඇය දූෂණයට ලක්ව නොමැති බවත් වෛද්‍ය වාර්තාවේ සඳහන්.

මේ අතර ඝාතනයට ලක් වූ තරුණියගේ අවසන් කටයුතු ඇයගේ පවුලේ ඥාතීන් ඇතුළු ප්‍රදේශයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වැලිගල්ල, ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ පොදු සුසාන භූමියේ දී අද (14) පස්වරුවේ සිදුකෙරුණා.

පසුගිය ඉරිදා ෆාතිමා මුනවිවරා නම් 22 හැවිරිදි තරුණිය ඇය සේවය කළ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසැලට යමින් සිටිය දී අතුරුදන් වුණා.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදීයි ඝාතනය කර වළදමා තිබූ ඇයගේ සිරුර සොයාගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
2
+1
0
+1
40
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08