Update – හුංගම ද්විත්ව ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට – විමර්ශන තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මේ අතර හුංගම පොලිසිය සඳහන් කළේ අපරාධය සිදුවූ ස්ථානයේ, ස්ථානීය පරීක්ෂණය අද (07) පෙරවරුවේ අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත්තුමිය විසින් සිදුකළ බවයි.

මේ අතර මෘත ශරීර දෙක පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් තංගල්ල රෝහල වෙත යොමු කිරීමටයි මහේස්ත්‍රාත්තුමිය නියෝහ කර ඇත්තේ.

අද (07) අලුයම් කාලයේ මෙම ඝාතනයන් සිදුව ඇති අතර, මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ 28 හැවිරිදි බෝපසිඳු නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවයි වාර්තා වන්නේ.

ඝාතනය ලක් වූ ඉමේෂා මධුභාෂිනී නැමැති කාන්තාව ද 28 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර, කණ්ඩායම් දෙකක් මෙහි විමර්ශන සඳහා යොදවා තිබෙනවා.

මේ අතර පොලීසිය පවසන්නේ ඝාතනය වූ පුද්ගලයා පසුගිය වසරේදී ඔහු සමඟ ධීවර රැකියාවේ යෙදෙනු ස්කීපර්වරයාව ඝාතනය කර ඇති බවයි.

මොහු පෙරේදා (05) දිනයේ දී වරෙන්තුවක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (06) දිනයේදී නිදහස්ව පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහුව මීට පෙරද ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර, එහිදී ඔහු බරපතළ තුවාල ලබා දිවි බේරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය සැකපළ කරන්නේ මෙම ඝාතනයන සිදුකර ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හොඳම මිතුරා විසින් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03