Update – හිස්බුල්ලා ප්‍රධානී නයිම් කසෙම් ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කයයි – ඊශ්‍රායල ආරක්ෂක ඇමති

හිස්බුල්ලා ප්‍රධානී නයිම් කසෙම් ඝාතනය කිරීම ඉලක්කයක් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසන්නේ හිස්බුල්ලා ප්‍රධානී නයිම් කසෙම් ඔවුන්ගේ තවත් ඉලක්කක් වී ඇති බවයි.

ඊශ්‍රායලය විසින් පසුගිය වසරේ සැප්තැම්බර් 27 වන දින ඝාතනය කරන ලද හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා වෙනුවට නයිම් කසෙම් එම සංවිධානයේ ප්‍රධානියා ලෙස පත් වුණා.

මේ අතර අලි කමේනි ඝාතනයට පළිගැනීමක් ලෙස ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයේ හයිෆා අසල හමුදා කඳවුරකට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු ඊශ්‍රායල ජෙට් යානා ලෙබනනයට බෝම්බ ප්‍රහාර මාලාවක් දියත් කරනු ලැබුවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

මේ අතර අමෙරිකානු – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 555 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන රතු අඩසඳ සංවිධානය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
2
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !