දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තෙරපීමෙන් මේ වනවිට පුද්ගලයින් 151 දෙනෙකු මියගොස් ඇති බවයි.
තවත් 82කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.
එම උත්සවය සැමරීම සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගී ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර එරට ජනාධිපති Yon Suk-yeol තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් ද පවත්වා ඇති අතර, ප්‍රදේශයට හදිසි වෛද්‍ය කණ්ඩායම් කැඳවීමට එහිදී නියෝග කර තිබෙනවා.
මේ අතර දකුණු කොරියාවේ සිදුවූ මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ ශෝකය පළකර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත්තේ සෝල් හැලොවීන් ඛේදවාචකය සම්බන්ධයෙන් එක්සත් ලෙස ශෝක වන බවත්, මෙහිදී එක්සත් ජනපදය කොරියානු ජනරජය සමඟ සිටින බවයි.










