Update – සෝල් අගනුවර ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට (ඡායාරූප)

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තෙරපීමෙන් මේ වනවිට පුද්ගලයින් 151 දෙනෙකු මියගොස් ඇති බවයි.

තවත් 82කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

එම උත්සවය සැමරීම සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගී ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එරට ජනාධිපති Yon Suk-yeol තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් ද පවත්වා ඇති අතර, ප්‍රදේශයට හදිසි වෛද්‍ය කණ්ඩායම් කැඳවීමට එහිදී නියෝග කර තිබෙනවා.

මේ අතර දකුණු කොරියාවේ සිදුවූ මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ ශෝකය පළකර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත්තේ සෝල් හැලොවීන් ඛේදවාචකය සම්බන්ධයෙන් එක්සත් ලෙස ශෝක වන බවත්, මෙහිදී එක්සත් ජනපදය කොරියානු ජනරජය සමඟ සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30