UPDATE: සා/පෙළ සමත් වී උසස් පෙළ වරම් ලැබූවන් 237000 ඉක්මවයි – 2025 සා/පෙළ 2026 මුල දී

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ සඳහා 237,026ක සිසුන් ප්‍රමාණයක් සුදුසුකම් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.

අද (11) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ දී අන්තර්ජාලයට මුදා හැරුණු ප්‍රතිඵල බාගත කරගත හැකි බවයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සියලු ම විෂය‍යන් අසමත් සිසුන් සියයට 2.4ක ප්‍රතිශත අගයක් ගෙන තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය සාධන පරීක්ෂණයක් බැවින් පළාත් මට්ටමින් පළමු, දෙවැනි හෝ තුන්වැනි ස්ථාන ඉදිරිපත් නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සියයට 4.15ක් A සාමාර්ථ විෂයයන් සඳහා ලබා ගැනීමට සමත් ව සිටිනවා.

එමෙන්ම විෂයයන් 09ට A සාමාර්ථ 09ක් ලබාගත් සිසුන් සංඛ්‍යාව 13,392ක්.

කිසිදු දරුවෙකු දුක් නොවන ලෙසත්, අසමත් දරුවන් හට නැවත වරක් කැපවීමෙන් උත්සාහ කරන ලෙසත්, සමත් දරුවන් ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට කැප විය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ, 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?