Update – වියානා ඇලට බිළි වූ තරුණියගේ සිරුර හමුවෙයි

මහියංගණය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද (21) දහවල් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක තරුණියක්වන අතර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියක්.

මෙම තරුණිය සහ ඇයගේ පෙම්වතා ඇල කණ්ඩිය මත ඊයේ (20) පස්වරුවේ ඇවිදිමින් සිටියදී පෙම්වතා ඇලට වැටී ගසා ගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතා බේරාගැනීමට තරුණිය ඇලට පැනීමේදී දෙදෙනාම දිය පාරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ ඇලෙහි දිය නාමින් සිටි පුද්ගලයෙකු ගසාගෙන යමින් සිටි පිරිමි පුද්ගලයා බේරාගෙන ඇති අතර තරුණිය දිය පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස දියේ ගිලී අතරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී මෙලෙස සොයාගත් බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
1
+1
66
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?