ගෑස් නැව් දෙකක් මෙරටට, ගෑස් ගොඩබෑම ඇරඹේ

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත්, නෞකා දෙකක් අද (18) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා.

ඒ උස්වැටකෙයියාව, තල්දියවත්ත ගෑස් ගොඩබාන බෝයාව වෙතයි.

මේ වන විට එම නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.