සෞදියේදී මරණ දණ්ඩනය නියම වූ අනෝජන්ට පූර්ණ නිදහස

සෞදියේදී මරණ දණ්ඩනය නියම වී සිරගත කර සිටි ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසන් අනෝජන්ට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගැනීමට එරට රජයේ නඩු විභාග අංශය (Public Prosecution) තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඔහුට එරෙහිව සෞදි අධිකරණයක කිසිදු නඩුවක් නොමැති බැවින්, ඉදිරි දෙක ඇතුළත ඔහුව යළි දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බවයි විදෙස් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.