Update – වියානා ඇලට බිළි වූ තරුණියගේ සිරුර හමුවෙයි

මහියංගණය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද (21) දහවල් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක තරුණියක්වන අතර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියක්.

මෙම තරුණිය සහ ඇයගේ පෙම්වතා ඇල කණ්ඩිය මත ඊයේ (20) පස්වරුවේ ඇවිදිමින් සිටියදී පෙම්වතා ඇලට වැටී ගසා ගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතා බේරාගැනීමට තරුණිය ඇලට පැනීමේදී දෙදෙනාම දිය පාරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ ඇලෙහි දිය නාමින් සිටි පුද්ගලයෙකු ගසාගෙන යමින් සිටි පිරිමි පුද්ගලයා බේරාගෙන ඇති අතර තරුණිය දිය පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස දියේ ගිලී අතරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී මෙලෙස සොයාගත් බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28