අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ දීමට විදෙස් සම්පත්දායකයින්ගේ පිරිසක් මෙරටට

06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 වසරේ දී ආරම්භ කිරීමට සූදානම් බවත්, පළමු වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය අධික්ෂණය කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේදී අවධාරණය කෙරුණා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.

2026 වසරේ ආරම්භ කළ පළමු ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රගතිය පිළිබඳ අධික්ෂණය කිරීම ඉදිරියේදී සිදු කරන බවත්, පළමු ශ්‍රේණියේ දෙවන සහ තෙවන වාරය සඳහා වන ක්‍රියාකාරකම් පාදක පොත් මුද්‍රණය කිරීමට සුදානම් කර ඇති අතර දෙවන වාරය සඳහා වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් පොත් අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු දරුවන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මෙහිදී පවසා සිටියා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන් පුහුණු කිරීම, පුහුණුකරුවන් පුහුණු කිරීම සිදු කරමින් පවතින අතර 06 ශ්‍රේණියට අදාල සියලු මොඩියුල විශේෂ කමිටු හරහා ගැඹුරින් යළි සළකා බලමින් පවතින බවද නිලධාරීන් මෙහිදී අවධාරණය කළා.

ඇගයීම් සහ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම සඳහා විදෙස් සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර අදාල සම්පත්දායකයින් ඉදිරියේදී ලංකාවට පැමිණිමට නියමිත බවත්, ජනාධිපතිතුමාගේ උපදෙස් මත අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික මෙහෙයුම් කමිටුව පත්කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති අතර දිස්ත්‍රීක් සහ ප්‍රාදේශීය මට්ටමේ මෙහෙයුම් කමිටු පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද මෙහිදී අනාවරණය වුණා.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56