ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

QR ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර දැනුම් දුන්නා.