Update – වාඩියමංකඩ වෙඩි තැබීමේ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය සොයාගැනේ

සැක සහිත යතුරුපැදියක් බණ්ඩාරගම – හොරණ මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

යතුරුපැදිය සමඟ ජැකට්ටුවක් සහ ආරක්‍ෂිත හිස් ආවරණයක් ද ඒ අසල තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සොයාගත් මෙම යතුරුපැදිය ඊයේ (14) රාත්‍රියේ කළුතර, වාඩියමංකඩ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවටයි සැකපළ කරන්නේ.

කළුතර උතුර පොලිස් වසමේ වාඩියමංකඩ ප්‍රදේශයේ නොම්බර 01 දුම්රිය නැවතුම්පොළ මාර්ගයේ දී නාඳුනන වෙඩික්කරුවෙකු විසින් සිදුළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ වාඩියමංකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 32ක පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?