AFC Banner
Empty Ad
Empty Ad

Update – ‘වාගීර්’ කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘වාගීර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේන්දු වුණා.

කොළඹ වරායට පැමිණි මෙම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.

09 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් මෙහෙයුම් සංචාරයක නිරත වීම සඳහා ‘වාගීර්’ සබ්මැරීනය මෙලෙස මෙරටට පැමිණ තිබෙනවා.

ලබන 22 වනදා දක්වා සබ්මැරීනය කොළඹ වරායේ නවතා තැබෙන අතර, සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසකට දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම සබ්මැරීනය පාසල් ළමුන් සහ නරඹන්නන් සඳහා ප්‍රදර්ශනයට විවෘත කිරීමට ද සැලසුම්කර ඇති බව සඳහන්.

මීටර 67.5ක දිගකින් සමන්විත මෙම සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කමාන්ඩර් දිවාකර් එස් කටයුතු කරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?