Update – වයික්කාලේ පස්දෙනෙක් මියයාමේ සිද්ධියට කසිප්පු තිත්පොළක් කරගෙන ගිය කතක් අත්අඩංගුවට

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් පානය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් පස්දෙනෙක් මියයාමේ සිද්ධියට අදාළව කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ කසිප්පු තිප්පොළක් පවත්වාගෙන ගිය කාන්තාවක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව පොලිසියට පවසා ඇත්තේ වෙනත් පුද්ගලයෙක් විසින් ගෙනවිත් දෙන කසිප්පු තමන් විසින් අලෙවි කිරීම සිදුකළ බවයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවක දී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයින් එකම ස්ථානයකින් මිට දින කිහිපයකට පෙර කසිප්පු පානය කර ඇති බවයි.

මෙම සිද්ධියේ දී මිය ගොස් ඇත්තේ අනුරාධපුරය, ඩයගම, මාකොල, වයික්කාල සහ පැල්මඩුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පස්දෙනෙක්.

මේ අතරින් දෙදෙනෙක් වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පිහිටි ඇඹරුම් කර්මාන්තශාලාවක් අසල නවාතැන්පොළක මියොස් සිටිය දී සොයාගෙන ඇති අතර, තවත් පුද්ගලයෙක් ඇඹරුම් කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි නිවසක තිබී තවත් පුද්ගලයෙක් මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

මියගිය අනෙක් දෙදෙනා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර තවත් පුද්ගලයින් තිදෙනෙක් මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

මෙම මරණ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16