Empty Ad
AFC Banner
Empty Ad

Update – මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ කරුණු රැසක් හෙළිවෙයි

කොළඹ මාලිගාකන්ද අධිකරණය අසළ දී අද (14) පස්වරුවේ වෙඩි තැබීමක් සිදු වුණා.

මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස තුවාල ලබා ඇති කාන්තාව නිලුකා දිල්හානි නැමැති කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක තැනැත්තියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව තවත් ඥාතී කාන්තාවක් සමඟ අද (14) අධිකරණයට පැමිණ ඇත්තේ ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනුණු සිය සැමියාගේ නඩු කටයුත්තක් වෙනුවෙන් බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී සැමියාට අධිකරණයෙන් ඇප ලබාදීමෙන් පසු මොවුන් තිදෙනා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ දී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමඟ ඇප ලබා පැමිණි පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, වෙඩි ප්‍රහාරය ඔහුගේ බිරිඳගේ උදර ප්‍රදේශයට එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය සැකපළ කරන්නේ ඇප ලබා පැමිණි පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව පුද්ගලික ආරවුලක් බවට සැක කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>