Update – මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ කරුණු රැසක් හෙළිවෙයි

කොළඹ මාලිගාකන්ද අධිකරණය අසළ දී අද (14) පස්වරුවේ වෙඩි තැබීමක් සිදු වුණා.

මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස තුවාල ලබා ඇති කාන්තාව නිලුකා දිල්හානි නැමැති කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක තැනැත්තියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව තවත් ඥාතී කාන්තාවක් සමඟ අද (14) අධිකරණයට පැමිණ ඇත්තේ ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනුණු සිය සැමියාගේ නඩු කටයුත්තක් වෙනුවෙන් බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී සැමියාට අධිකරණයෙන් ඇප ලබාදීමෙන් පසු මොවුන් තිදෙනා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ දී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමඟ ඇප ලබා පැමිණි පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, වෙඩි ප්‍රහාරය ඔහුගේ බිරිඳගේ උදර ප්‍රදේශයට එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය සැකපළ කරන්නේ ඇප ලබා පැමිණි පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව පුද්ගලික ආරවුලක් බවට සැක කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51