Update – භාතියගේ දිවි රැකගන්න මෙහෙයුමට කාටත් කලින් පෙරමුණ ගත් හමුදා විරුවෝ (ඡායාරූප)

මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමකින් තුවාල ලබා මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය ඇතාගේ ජීවිත ආරක්ෂාව සැලසීම සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින් යුද හමුදාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව යුද හමුදාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සහ 09 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භටපිරිස් විසින් වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් ඇතාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා කටයුතු කරන ඇති බවයි වාර්තා වුණේ.

ඒ අතරවාරයේ වතුර වළක වැටී දැඩි අව් රශ්මියෙන් පීඩාවිදිමින් සිටි ඇතාට අව් ආවරණයක් ඉදිකර එම සත්වයා අව්‍ රශ්මියෙන් ආරක්ෂා කිරීමට ද එම භටපිරිස් කටයුතු කර තිබුණා.

මීට අමතරව වැලි කොට්ට යොදා හිස් රදවනයක් සාදා ඇතාගේ හිස ජලය තුළට වැටීම වැළක්වීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අතර මේ වනවිට එම ස්ථානයට පැමිණ සිටින වනජීවී නිලධාරීන් හා සම්බන්ධ වී ඇති යුද හමුදා භටපිරිස්, ඇතා මුදවාගැනීමේ ඉදිරි කටයුතුවල නියලී සිටිනවා.

මේ අතර භාතිය ඇතාගේ තත්ත්වය නිරීක්ෂණයට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඊයේ (04) එම සත්වයා රැඳී සිටින නිකවැරටිය වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයට පැමිණියා.

එහිදී අමාත්‍යවරුන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ වෛද්‍ය ප්‍රතිකාර කඩිනම් කරන ලෙසත් ඇතාගේ රැකවරණය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන ලෙසයි.

WhatsApp Image 2025 07 05 at 4.18.24 PM 1
WhatsApp Image 2025 07 05 at 4.18.24 PM
WhatsApp Image 2025 07 05 at 4.18.23 PM 1
WhatsApp Image 2025 07 05 at 4.18.23 PM
WhatsApp Image 2025 07 05 at 4.18.22 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
0
+1
3
+1
2
+1
11
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13