Empty Ad
AFC Banner
Empty Ad

Update – බූස්ස බන්ධනාගාරය තුළ සිදු වූ ඝාතනය ගැන තොරතුරු එළියට

බූස්ස බන්ධනාගාරය තුළ දී රැඳවියෙක් විසින් සිදුකළ පහරදීමකින් තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට අද (04) දහවල් තොරතුරු වාර්තා වුණා.

උල් ආයුධයකින් මෙම පහරදීම සිදුකර ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව, බටලන්දහේන ප්‍රදේශයේ පදිංචිව සිට බන්ධනාගාර ගත වූ පුද්ගලයෙක්.

48 හැවිරිදි නන්ද කුමාර ශිවනන්දන් නැමැති මෙම රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් දැනට අවුරුදු තුනක පමණ කාලයක් රැඳවුම් භාරයේ සිටි අයෙක් බවයි වාර්තා වුණේ.

උල් ආයුධයකින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පාඩු බරපතළ තත්ත්වයෙන් සිටි එම රැඳවියා කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

මේ අතර අද (04) පස්වරුවේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය බූස්ස බන්ධනාගාර කඳවුරේ දී ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකළ බවයි දසත වාර්තාකරු සඳහන් කළේ.

රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?