Update – බලපිටිය මුහුදේ අනතුරට පත් ධීවර බෝට්ටුවේ සිටි පිරිස මුදාගැනේ (වීඩියෝ)

බලපිටිය මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනා බේරාගැනීමට හැකිව තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙළිකොප්ටර් යානයක් මඟින් මෙම ධීවරන් පිරිස මුදාගෙන ගොඩබිමට රැගෙන එමෙන් අනතුරුව රෝහල් ගත කළ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය තුළ මුහුදු යාම පිළිබඳව අවවාදනම් නිවේදන නිකුත් කර තිබිය දී මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?