Update – පුරාවිද්‍යා බෝඩ් ගැලවූ සැකකරුවන් හඳුනාගැනේ – අත්අඩංගුවට ගන්න විමර්ශන

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන සහ කොක්කඩිචෝලේ ප්‍රදේශවල හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට ගමන් ගන්නා මාර්ග හඳුනාගැනීම සඳහා සවිකර තිබූ නාම පුවරු කිහිපයක් කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කිරීම පිළිබඳව අද (24) දිනයේ අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද (24) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සවිකර තිබූ නාම පුවරු පසුගිය 22 වනදා ගලවා ඉවත්කර ඇති බවත්, එම නාම පුවරු ගලවා ඉවත් කිරීමට කටයටුතු කළ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වාලච්චේන පොලිස් වසමේ දෙවිමලෙයි පුරාවිද්‍යා ස්ථානයට යන මාර්ගය හඳුනාගැනීම සඳහා සවිකර තිබූ අදාළ නාම පුවරු හයක් මෙලෙස ගලවා ඉවත්කර ඇති බවයි අමාත්‍යවරයා අනාවරණය කර සිටියේ.

වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.සුදාකරන් සහ උප ලේකම් පද්මනීදන් නැමැත්තා ද ඒ අතර සිටින බවයි අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ.

ඒ, අනුව අදාළ සැකකරුවන් සහ ගලවා දැමූ නාමපුවරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි වාලච්චේන සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් අරඹා තිබෙනවා.

මේ අතර කොක්කඩිචෝලේ පොලිස් වසමේ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස හඳුනාගත් සාන්තාමලෙයි කෝවිලට යන මාර්ග දැක්වෙන නම පුවරු දෙකක් පසුගිය 21 වනදා කිසියම් පිරිසක් ගලවා ඉවත්කර ඇති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මෙම පුවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් අද (24) දින මඩකලපුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර, අදාළ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කලවන්කුඩි සහකාර පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පුරාවිද්‍යා ස්ථාන කිහිපයක නාම පුවරු ගලවා දමා රැගෙන යාම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
8
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16