Update – නැවක ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙක් ගොඩබිමට – අතුරුදන් සිව්දෙනා සොයා මෙහෙයුම් (වීඩියෝ)

දෙවුන්ද ධීවර වරායෙන් ඊයේ (27) පස්වරුවේ මුහුදු ගොස් ගාල්ල වරායට අසන්න මුහුදු තිරයේ දී වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්වූ දිනේෂ් 01 බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා ගොඩබිමට රැගෙනවිත් රෝහල් ගතකර තිබෙනවා.

ධීවර යාත්‍රාව අනතුරට පත්වූ ප්‍රදේශයේ රැදී සිටි නිපුනි 01 නැමැති ධීවර යාත්‍රාවෙන් මෙම ධීවර කාර්මිකයා බේරාගෙන තිබූ අතර, නාවික හමුදා යාත්‍රාවකින් එම ධීවරයා ගොඩබිමට රැගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම අනතුරින් යාත්‍රාවේ සිටි තවත් ධීවරයින් සිව්දෙනෙක් අතුරුදන්ව සිටිනවා.

ඊයේ (27) රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරින් අතුරුදන්ව සිටින ධීවරයින් සිව්දෙනා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

ඒ සඳහා නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් සහ තවත් ධීවර යාත්‍රා කිහිපයක් ද එක්ව ඇති අතර, ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානයක් ද යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?