Update – නඩු ලිපි ගොනුවක ලිපි ලේඛන සපා කෑ ලෝයර් නෝනා රිමාන්ඩ්

නඩු ලිපි ගොනුවක ලිපි ලේඛන සපා කා විනාශ කළ බවට සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සැකකාර නිතීඥවරිය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අනුව සැකකාර නිතීඥවරිය අද (28) දින කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ලෙසයි නියෝග කර ඇත්තේ.

කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාළව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ඇතුළත්ව තිබූ ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන චෝදනාවට අදාළ නීතිඥවරියක කැකිරාව පොලිසිය මඟින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පැවැති කාලය තුළ දී ඇය අධිකරණ ලේඛණාගාරයේ තිබූ ඉඩම් නඩුවකට අදාළ නඩු ගොනුවේ තිබූ ලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ ලේඛනාගාරයේ රාජකාරියේ නිරතව සිටි අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා නිලධාරිණියන් විසින් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට දැනුම්දිමට පියවර ගැනුණු අතර,එම අවස්ථාවේ අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියන්ට ඒ පිළිබඳව පැමිණිලිකර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරිනියන් නීතීඥවරිය පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ඇය විසින් සපා විනාශ කර තිබූ ලේඛන කොටස් කිහිපයක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව සැකකාර නීතිඥවරිය අදාළ නඩු භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?