logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

Update – ඩෙවෝන් 05 ධීවර යාත්‍රාවේ මරණ ගණන 05ක් දක්වා ඉහළ යයි (වීඩියෝ)

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ ද්‍රවණයක් මත්පැන් බව සිතා පානය කළ ඩෙවෝන් 05 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට එම සිද්ධියෙන් ධීවරයින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිංගප්පූරු ධජය යටතේ ගමන්කරන වෙළෙඳ නෞකාවක් මඟින් බේරාගත් අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙක්.

මේ අතර මෙම සිද්ධියෙන් පසු අදාළ බහුදින ධීවර යාත්‍රාවේ සහයට පැමිණි වෙනත් යාත්‍රාවක ධීවරයෙක් ද වෙළෙඳ නෞකාවට නංවාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ වෙළෙඳ නෞකාව තවමත් ජාත්‍යන්තර මුහුදේ පසුවන අතර, එය හම්බන්තොට දෙසට යාත්‍රාකරමින් පවතිනවා.

මේ අතර ඩෙවොන් 05 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුමට එක් වී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව ද අදාළ වෙළෙඳ නෞකාව දෙසට ගමන් යාත්‍රාකරමින් පවතිනවා.

ඒ, අනුව විජයබාහු නෞකාව සහ වෙළෙඳ නෞකාව අද (30) පස්වරුව වනවිට එකිනෙකා මුණගැසෙනු ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?