Update – ඩෙවෝන් 05 ධීවර යාත්‍රාවේ මරණ ගණන 05ක් දක්වා ඉහළ යයි (වීඩියෝ)

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ ද්‍රවණයක් මත්පැන් බව සිතා පානය කළ ඩෙවෝන් 05 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට එම සිද්ධියෙන් ධීවරයින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිංගප්පූරු ධජය යටතේ ගමන්කරන වෙළෙඳ නෞකාවක් මඟින් බේරාගත් අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙක්.

මේ අතර මෙම සිද්ධියෙන් පසු අදාළ බහුදින ධීවර යාත්‍රාවේ සහයට පැමිණි වෙනත් යාත්‍රාවක ධීවරයෙක් ද වෙළෙඳ නෞකාවට නංවාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ වෙළෙඳ නෞකාව තවමත් ජාත්‍යන්තර මුහුදේ පසුවන අතර, එය හම්බන්තොට දෙසට යාත්‍රාකරමින් පවතිනවා.

මේ අතර ඩෙවොන් 05 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුමට එක් වී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව ද අදාළ වෙළෙඳ නෞකාව දෙසට ගමන් යාත්‍රාකරමින් පවතිනවා.

ඒ, අනුව විජයබාහු නෞකාව සහ වෙළෙඳ නෞකාව අද (30) පස්වරුව වනවිට එකිනෙකා මුණගැසෙනු ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39