UPDATE: ජූනි මස 05 තෙක් දුමින්ද යළිත් හිරේ යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අද (29) පෙරවරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේ දී අධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ජූනි මස 05 වැනි දින තෙක් විත්තිකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ හිටපු මන්ත්‍රීවරයා ව අධිකරණ සංකීර්ණයට මාංචු දමා රැගෙන ආ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පසුගියදා හැව්ලොක්ස් සිටි සුපිරි මහල් සංකීර්ණයේ කාන්තාවක් සමග ටී56 රන් ආලේපිත ගිනි අවියක් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව හෙළි වූයේ මෙම ගිනි අවියෙහි හිමිකරු හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක බවයි.

ඊයේ (28) දිනයේ දී දුමින්ද දිසානායක මහතා ව බන්ධනාගාර රෝහලේ සිට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය පරීක්ෂාවෙන් පසුව බරපතළ තත්ත්වයේ කිසිදු අසනීපයක් නොමැති බව දැන්වූ පසු සැකකාර මන්ත්‍රීවරයා ව යළිත් මැගසින් බන්ධනාගාරයට මාරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?