Update – ක්ලබ් වසන්තට දිවි අහිමි වූ අතුරුගිරිය වෙඩි තැබීමේ තොරතුරු එළියට

අතුරුගිරිය පොලිස් වසමේ අද (08) පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් සම්බන්ධ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, ඔවුන් දෙදෙනා වයස අවුරුදු 55 සහ 58 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් දෙදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ද සිටිනවා.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් අතර සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක් වූ ජනප්‍රිය ගායිකා කේ.සුජීවා බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊට අමතරව තවත් කාන්තාවන් දෙදෙනෙක් හෝමාගම රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හිස්වැසුම් පැළඳ මුඛ ආවරණවලින් මුව ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩික්කරුවන් විසින් ටී-56 වර්ගයේ ගිනි අවි 02ක් භාවිත කර වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවක දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී පොලිසිය විසින් අද (08) දහවල් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
5
+1
7
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03