AFC Banner
AFC Banner
Empty Ad

Update – ක්ලබ් වසන්තට දිවි අහිමි වූ අතුරුගිරිය වෙඩි තැබීමේ තොරතුරු එළියට

අතුරුගිරිය පොලිස් වසමේ අද (08) පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් සම්බන්ධ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, ඔවුන් දෙදෙනා වයස අවුරුදු 55 සහ 58 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් දෙදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ද සිටිනවා.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් අතර සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක් වූ ජනප්‍රිය ගායිකා කේ.සුජීවා බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊට අමතරව තවත් කාන්තාවන් දෙදෙනෙක් හෝමාගම රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හිස්වැසුම් පැළඳ මුඛ ආවරණවලින් මුව ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩික්කරුවන් විසින් ටී-56 වර්ගයේ ගිනි අවි 02ක් භාවිත කර වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවක දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී පොලිසිය විසින් අද (08) දහවල් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
5
+1
7
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?