Update – කළුතර 16 හැවිරිදි සිසුවියගේ අභිරහස් මරණයට ඇල්ලූ සැකකරු ගැන පොලිසියෙන් අනාවරණයක් (වීඩියෝ)

කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (09) අලුයම් කාලයේ දී හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර, පලාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ.

29 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු කල්බදු පදනම මත වාහන ලබාගන්නා පුද්ගලයින්ගේ වාහන අත්පත් කර ගන්නා අයෙකු ලෙස කටයුතු කරන බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම සැකකරු කිසියම් ආකාරයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධක් ඇත්ද, එසේත් නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධතා පවතී ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන අරඹා ඇති බව පොලිසිය පැවසුවා.

සැකකරු සන්තකයේ බහුලව මුදල් ගැවසෙන බවට නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම මුදල් සැකකරුට ලැබෙන ආකාරය පිළිබඳව ද විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවයි ප්‍රකාශ කළේ.

https://youtu.be/eD3D_ty8JXY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
16
+1
46
+1
9
+1
13
+1
12
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29