spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – කළුතර 16 හැවිරිදි සිසුවියගේ අභිරහස් මරණයට ඇල්ලූ සැකකරු ගැන පොලිසියෙන් අනාවරණයක් (වීඩියෝ)

කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (09) අලුයම් කාලයේ දී හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර, පලාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ.

29 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු කල්බදු පදනම මත වාහන ලබාගන්නා පුද්ගලයින්ගේ වාහන අත්පත් කර ගන්නා අයෙකු ලෙස කටයුතු කරන බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම සැකකරු කිසියම් ආකාරයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධක් ඇත්ද, එසේත් නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධතා පවතී ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන අරඹා ඇති බව පොලිසිය පැවසුවා.

සැකකරු සන්තකයේ බහුලව මුදල් ගැවසෙන බවට නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම මුදල් සැකකරුට ලැබෙන ආකාරය පිළිබඳව ද විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවයි ප්‍රකාශ කළේ.

https://youtu.be/eD3D_ty8JXY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
16
+1
46
+1
9
+1
13
+1
12
+1
38
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?