Update – කටුනායකට ගොඩබැස්සූ යානයට බෝම්බ තර්ජනයක් නැහැ (ඡායාරූප)

බෝම්බ බියක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑමක් සිදුකළ ගුවන් යානයේ බෝම්බ සම්බන්ධයෙන් කිසිඳු තර්ජනයක් නොමැති බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

යානයේ සිදුකළ පුළුල් සෝදිසි කිරීමෙන් අනතුරුව මෙරට ආරක්ෂක අංශ මේ බව තහවුරු කර තිබෙනවා.

ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (19) පස්වරුවේ හදිසි ගොඩබෑමක් සිදුකරනු ලැබුවේ බෝම්බ තර්ජනයක් සම්බන්ධව ගුවන් නියමුවාට ලැබුණු ඇමතුමකට අනුවයි.

ඒ, වන විටත් එහි මගීන් 96 දෙනෙකුගෙන් සහ කාර්යය මණ්ඩලයේ 08 දෙනෙකු රැඳී සිටියා.

අනතුරුව එහි සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය ආරක්ෂිතව ඉන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, පසුව යානය පුළුල් පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

ඒ, සඳහා බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ යුද හමුදා කොමාන්ඩෝ බළකාය කැඳවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ.

යූ.කේ. 131 දරන මෙම ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි සිට පැමිණ තිබුණා.

මේ අතර ඉන්දීය ගුවන් සේවාවලට අයත් ගුවන්යානාවල බෝම්බ ඇතැයි තර්ජනාත්මක ඇමතුම් 20ක් අද (19) දිනය තුළ ලැබී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණා.

WhatsApp Image 2024 10 19 at 5.25.14 PM
WhatsApp Image 2024 10 19 at 5.17.31 PM
WhatsApp Image 2024 10 19 at 5.17.30 PM 1
WhatsApp Image 2024 10 19 at 5.17.29 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?