Update – කටුනායකට ගොඩබැස්සූ යානයට බෝම්බ තර්ජනයක් නැහැ (ඡායාරූප)

බෝම්බ බියක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑමක් සිදුකළ ගුවන් යානයේ බෝම්බ සම්බන්ධයෙන් කිසිඳු තර්ජනයක් නොමැති බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

යානයේ සිදුකළ පුළුල් සෝදිසි කිරීමෙන් අනතුරුව මෙරට ආරක්ෂක අංශ මේ බව තහවුරු කර තිබෙනවා.

ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (19) පස්වරුවේ හදිසි ගොඩබෑමක් සිදුකරනු ලැබුවේ බෝම්බ තර්ජනයක් සම්බන්ධව ගුවන් නියමුවාට ලැබුණු ඇමතුමකට අනුවයි.

ඒ, වන විටත් එහි මගීන් 96 දෙනෙකුගෙන් සහ කාර්යය මණ්ඩලයේ 08 දෙනෙකු රැඳී සිටියා.

අනතුරුව එහි සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය ආරක්ෂිතව ඉන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, පසුව යානය පුළුල් පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

ඒ, සඳහා බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ යුද හමුදා කොමාන්ඩෝ බළකාය කැඳවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ.

යූ.කේ. 131 දරන මෙම ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි සිට පැමිණ තිබුණා.

මේ අතර ඉන්දීය ගුවන් සේවාවලට අයත් ගුවන්යානාවල බෝම්බ ඇතැයි තර්ජනාත්මක ඇමතුම් 20ක් අද (19) දිනය තුළ ලැබී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණා.

WhatsApp Image 2024 10 19 at 5.25.14 PM
WhatsApp Image 2024 10 19 at 5.17.31 PM
WhatsApp Image 2024 10 19 at 5.17.30 PM 1
WhatsApp Image 2024 10 19 at 5.17.29 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03