Update – ඉන්දීය පාලම් අනතුරෙන් මිය ගිය පිරිස තවත් ඉහළට (ඡායාරූප)

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරෙන් තුවාල ලබා සහ විපතට පත්ව සිටි තවත් පුද්ගලයින් 177 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර,අතුරුදන්ව සිටින තවත් කිහිප දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි එරට බලධාරීන් සඳහන් කර සිටියේ.

වසර 100ක් පමණ පැරණි කේබල් පාලමක් කඩා වැටීමෙන් ඊයේ (30) පස්වරුවේ මෙම අනතුර සිදු වුණා.

පුද්ගලයින් 500ක පමණ පිරිසක් චත් පූජාව සඳහා චාරිත්‍ර සිදුකිරීම සඳහා පාලම මතට රැස්ව සිටිය දී මෙය කඩාවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?