Empty Ad
AFC Banner
Empty Ad

Update :- ඇල්ල – වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් වාහන ගමනා ගමනයට විවෘතයි

පස් කඳු කඩාවැටීමක් හේතුවෙන් වසා දමා තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට වාහන ගමනා ගමනය සඳහා විවෘත කර තිබෙනවා.

අද (14) පෙරවරු 10.00ට පමණ මාර්ගයේ එක මංතීරුවක් ගමනාගමනයට විවෘත වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ වර්ෂාපතනය ඇද අඛණ්ඩව පැවතියහොත් මෙම නාය යාමේ අවදානම් තත්ත්වය යළි ඇති විය හැකි බවයි.

ඒ, හේතුවෙන් වර්ෂාව පවතින අවස්ථාවල දී එම මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙන්නේ.

විකල්ප මාර්ග ලෙස; ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී – බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කළ හැකියාව පවතිනවා.

එමෙන්ම වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී – වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?