Update :- ඇල්ල – වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් වාහන ගමනා ගමනයට විවෘතයි

පස් කඳු කඩාවැටීමක් හේතුවෙන් වසා දමා තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට වාහන ගමනා ගමනය සඳහා විවෘත කර තිබෙනවා.

අද (14) පෙරවරු 10.00ට පමණ මාර්ගයේ එක මංතීරුවක් ගමනාගමනයට විවෘත වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ වර්ෂාපතනය ඇද අඛණ්ඩව පැවතියහොත් මෙම නාය යාමේ අවදානම් තත්ත්වය යළි ඇති විය හැකි බවයි.

ඒ, හේතුවෙන් වර්ෂාව පවතින අවස්ථාවල දී එම මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙන්නේ.

විකල්ප මාර්ග ලෙස; ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී – බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කළ හැකියාව පවතිනවා.

එමෙන්ම වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී – වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33