Update – අයතුල්ලා අලි කමේනිට උපහාර දක්වන්න දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් ඓතිහාසික ඉස්ෆහාන් නගරයට

ඉරානයේ ඓතිහාසික ඉස්ෆහාන් නගරයට දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් මේ වනවිට රැස්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද- ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට උපහාර දැක්වීම සඳහා ශෝකයට පත් වූ ඉරාන වැසියන් දහස් ගණනක් මෙලෙස ඓතිහාසික ඉස්ෆහාන් නගරයට රැස්ව සිටින බවයි වාර්තා වුණේ.

සෙනසුරාදා ටෙහෙරානයට එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් පසු කමේනිගේ මරණයට පත් වූ බව අද අලුයම ඉරාන රජය තහවුරු කළා.

මේ අතර ඊශ්‍රායලය, ඉරානය බෙදීමට උත්සාහ කරන බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි පවසනවා.

එක්සත් ජනපදය සමඟ ඒකාබද්ධ ප්‍රහාරයකින් පසු ඊශ්‍රායලය තම රට බෙදීමට උත්සාහ කරන බවයි ඔහු චෝදනා කරන්නේ.

ට්‍රම්ප් “කොල්ලකෑමේ පරිපූර්ණ සංකේතය” ලෙස ද ලරිජානි විස්තර කළ අතර, ඔහු ඉරානයෙන් සම්පත් උදුරා ගැනීමට උත්සාහ කරන බවයි අලි ලරිජානි පැවසුවේ.

ඇමරිකාව සහ සියොන්වාදී තන්ත්‍රය ඉරාන ජාතියේ හදවත් පුළුස්සා දැමූ බවත්, ඉරානය ද ඔවුන්ගේ හදවත් පුළුස්සා දමන බවට සහතික වන බවයි ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය කැට්ස් නෙතන්යාහු, අලි කමේනිගේ ඝාතනය සමරමින් රටේ හමුදාවට සුබ පැතුම් එක්කර තිබෙනවා.

“ඊශ්‍රායලය විනාශ කිරීමට ක්‍රියා කළ තැනැත්තා – විනාශ වී ඇත,” යනුවෙන් කැට්ස් නෙතන්යාහු එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
මාලිමා සභාපති - කාන්තාවකගේ අමුතු හාදකම නිසා ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38
Video thumbnail
වැඩි මිලට පොහොර අලෙවි කළ පොහොර ගබඩාවක් වටලයි..ව්‍යාජ ලෙස පොහොර සකසලා ?
09:12
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
17:51
Video thumbnail
වීදුරු දොර නොදැක ඇතුලට යන්න ගිහින් වුණ වැඩේ
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.31
01:16:01
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවක් ජනාධිපතිට රිදෙන්නම දෙයි
06:42