Update – අභිරහස් ලෙස මියගිය කළුතර සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරේ – සැකකරුවන් රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක තුන්වන මහලෙන් වැටී 16 හැවිරිදි සිසුවියක් අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පළාගොස් සැඟව සිටින තරුණයාට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන කුලී රථ රියදුරා සහ සිසුවිය සමඟ තාවකාලික ලැඟුම්හලට පැමිණි තරුණ යුවළ ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කළ බව පොලිසිය සඳහන් කළා.

සිසුවිය සහ අනෙක් තිදෙනා තාවකාලික ලැඟුම්හල වෙත කැඳවාගෙන ආ කුලී රථයේ රියදුරා අද (08) අත්අඩංගුවට පත් වූ අතර, සිසුවිය සමඟ ලැඟුම්හලට ආ අනෙක් තරුණ යුවළ ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07) කළුතර – නාගොඩ රෝහලේ දී සිදුකර තිබෙනවා.

එහිදී මරණ පරීක්ෂණය පැවැත් වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණු පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
16
+1
12
+1
5
+1
32
+1
10
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29