spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – අභිරහස් ලෙස මියගිය කළුතර සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරේ – සැකකරුවන් රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක තුන්වන මහලෙන් වැටී 16 හැවිරිදි සිසුවියක් අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පළාගොස් සැඟව සිටින තරුණයාට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන කුලී රථ රියදුරා සහ සිසුවිය සමඟ තාවකාලික ලැඟුම්හලට පැමිණි තරුණ යුවළ ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කළ බව පොලිසිය සඳහන් කළා.

සිසුවිය සහ අනෙක් තිදෙනා තාවකාලික ලැඟුම්හල වෙත කැඳවාගෙන ආ කුලී රථයේ රියදුරා අද (08) අත්අඩංගුවට පත් වූ අතර, සිසුවිය සමඟ ලැඟුම්හලට ආ අනෙක් තරුණ යුවළ ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07) කළුතර – නාගොඩ රෝහලේ දී සිදුකර තිබෙනවා.

එහිදී මරණ පරීක්ෂණය පැවැත් වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණු පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
16
+1
12
+1
5
+1
32
+1
10
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?