spot_imgspot_img

Update – ගාල්ල බන්ධනාගාරයේ හඳුනානොගත් රෝගය ගැන පැහැදිලි කිරීමක්

ගාල්ල බන්ධනාගාරයේ ඇතිව තිබෙනවා හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසනවා.

අද (22) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් සිදු වූ රැඳවියන්ගේ මරණ ඉකුත් 13 වන ඉරිදා සහ 20 වන ඉරිදා දිනවල දී වාර්තා වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස මියගිය රැඳවියන් දෙදෙනාගේ මරණ සම්බන්ධයන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් පසු විවෘත තීන්දුවක් ලබාදී ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 09 දෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ අතර කරාපිටිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ගාල්ල බන්ධනාගාරයට පැමිණ පරීක්ෂාකර බලා එහි නිලධාරීන්ට සහ නේවාසික රැඳවියන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමක් සිදුකර ඇති අතර, ඔවුන්ට මුව ආවරණ පළඳින ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.

රෝගී තත්ත්වය වැළඳුණු රැඳවියන්ගෙන් උණ සහ සමේ අසාදිත තත්ත්වයන් පෙන්නුම් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?