මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේ දී ඊයේ (02) දින සවස, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මත්පෙති 1000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අවුරුදු 35ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













