පාලනයෙන් ගිලිහුණු ටිපර් රථය, පළතුරු වෙළඳසැලකට – එක් අයෙක් ජීවිතක්ෂයට

පුවරසන්කුලම් පොලිස් වසමේ, වවුනියාව – මන්නාරම මාර්ගයේ, ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (02) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින්, මාර්ගය අසල තිබූ පළතුරු වෙළඳසැලක ගැටුණු ටිපර් රථය, එම වෙළඳසැල අසල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේද ගැටී, ඉදිරියට ඇදී ගොස් ගසක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් එම පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුලත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 31 වන පුදියසාලම්බකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුවරසන්කුලම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39