දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය කිරීම කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වනවා.
වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟ ත්‍රිරෝද රථය නැවත්වීමට කටයුතු කර ඇති අතර, පසුව එම ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් 05 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසියට සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී කඩු 03ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.













