ප්‍රවීණ ගායන ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද (03) සිදු කිරීමට නියමිතයි.
ඔහුගේ දේහය මේ වන විට බොරෙල්ල පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අද බොරැල්ල පොදු සුසාන භුමියේ දී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (02) පස්වරුවේ පැමිණියා.
කලක සිට රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර, ඒ වන විට ඔහු 64 වන වියේ පසුවුණා.













