Update – කුරුල්ලෙක් ගැටී මීගමුව මුහුදු සීමාවට ඉහළ අහසේ සැරිසරමින් තිබූ ගුවන් යානය සාර්ථකව ගොඩබස්වයි

කටුනායක ගුවන් තොටුපොළෙන් අද (11) උදෑසන ගුවන් ගත වී ටික වේලාවකින් එන්ජිමක කුරුල්ලෙක් ගැටීම හේතුවෙන් කාර්මික දෝෂයකට ලක්ව පැය තුනකට වැඩි කාලයක් මීගමුව මුහුදු සීමාවට ඉහළ අහසේ සැරිසරමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත මේ වනවිට සාර්ථකව ගොඩබස්වා තිබෙනවා.

තුර්කි ගුවන් සේවයට අයත් TK-731 දරණ මෙම ගුවන්යානය මගීන් 246ක් සමග අද (11) උදෑසන 7:07ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් තුර්කියේ ඉස්තාන්බුල් බලා යෑමට ගමන් අරඹා තිබුණා.

යානය එලෙස ගුවන් ගත වී ටික වේලාවකින් පසු එහි එන්ජිමක කුරුල්ලෙක් ගැටීමෙන් කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් යානය යළි කටුනායකට ගොඩබැස්සවීමට සූදානම් වුවද එහි ගබඩා කර තිබූ ඉන්ධන තොගය ඊට බාධාවක් වී තිබෙනවා.

ඒ, අනුව ගබඩාකර තිබූ ඉන්ධන දහනය කරමින් ආරක්ෂිතව ගොඩබෑමට අවශ්‍ය කටයුතු සකසා ගැනීමට යානයට පැය තුනකට වැඩි කාලයක් මීගමුව මුහුදු සීමාවට ඉහළ අහසේ සැරීමට සිදු වුණා.

පසුව එම යානය පෙරවරු 10.21ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමටයි එහි නියමුවන් කටයුතු කළේ.

මෙහි කාර්ය මණ්ඩලය 10 දෙනෙකු ද සිට ඇති අතර, එමෙන්ම යානය තුළ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ද විශේෂ අමුත්තෙකු ලෙස ගමන් කරමින් සිට තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ ද සූදානම්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18