Empty Ad
AFC Banner
Empty Ad

TIN අංකය ලබා ගැනීම කල් යයි

බදු ලියාපදිංචි අංකය (TIN) ලබා ගැනීමේ කාලය පෙබරවාරි පළමු වනදා දක්වා කල් දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවට පීඩාකාරී අයුරින් බදු ක්‍රියාත්මක කිරීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරන බවයි. බදු අංකය ලබා ගැනීමෙන් අනිවාර්යයෙන් ඔහු බදු ගෙවිය යුතුය යන්න අදහස් නොකරන අතර මාසයකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ලාභයක් ඇති අය පමණක් බදු ගෙවිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

සැබැවින්ම බදු ගෙවිය යුතු පුද්ගලයන් හඳුනාගෙන වක්‍ර බදු අඩු කර සමාජය බදු බරින් නිදහස් කිරීම අවසාන අරමුණ බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
39
+1
3
+1
6
+1
2
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?