TIKTOK කිරි සමනා රිමාන්ඩ්

ටික් ටොක් කිරි සමන් ලෙසින් සමාජ මාධ්‍යය තුළ තුල ප්‍රසිද්ධ ඕශක නිරාන් (22) නැමති තරුණයා අවුරුදු 11 ක දැරියක් අපයෝජනය කර බන්ධනාගාර ගත වී ඇති බව එක්සත් මානව හිමිකම් සංවිධානය කියයි.

ඔහුගේ මිතුරකු වන මොහාන් ද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බවට තවදුරටත් එම සංවිධානය පවසන අතර මෙම දැරියගේ දෙමව්පියන් දෙදෙනාම ගොළු පුද්ගලයන්‍ බවද කියයි ඒ පිළිබඳව එක්සත් මානව හිමිකම් සංවිධානය සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ සටහන් පහතින්

උපුටා ගැනීම – වයස අවු 11ක ගැහැණු ළමයෙකු අපයෝජනය කර ඇති ඕෂක නිරාන් (ඨෛඛ් ඨ්Oඛ් කිරි සමන් ) (22) අද 2022/01/15 බන්ධනාගාරගත කර ඇති බව කියැවේ. ඔහුගේ මිතුරෙක් වන මොහාන්ද (21) මේ ගැහැණු ළමයාව අපයෝජනය කර ඇත. මෙම ළමයාගෙ මව හා පියා ගොළු පුද්ගලයන්‍ ය.

කිරි සමන් දෙසැම්බර් මස දිනෙක මධ්‍යම රාත්‍රියේ ගොළු දෙමව්පියන්ගේ මෙම 11 හැවිරිදි ගැහැණු ළමයාව නිවසින් පිට කරවාගෙන සාදයකට ගෙන ගොස් පහුවදා අළුයම නිවසට හැරලවා ඇති බවත් ,ඊට පසුවද දෙතුන් වතාවක් මෙම කුඩා දැරියව නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති බවත් ඒ අතර ජනවාරි 01දා නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති මෙම දැරියව 02දා සවස යළි නිවසට එවා ඇති බවත් ඒ කාළය තුළදී ඔහුගේ මිතුරු මොහාන් (21) ලවාද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බවත් කියැවේ.

මෙම ළමයාට මත්ද්‍රව්‍ය පොවා අපයෝජනය කර ඇති බවත් කියැවේ. මෙම සිදුවීමට තවත් (19 හා 23 හැවිරිදී ) තරුණියන් දෙදෙනෙක්ද සම්බන්ධ බව කියැවේ. මේ අයව අද (2022/01/15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2022.01.19 දින තෙක් බන්ධනාගාරගත කර ඇත. TikTok මේ වන විට ළමයින්ගේ මාරයෙක් වී ඇති බව පෙනේ. වහාම ක්‍රියාත්මක වන පරිදි TikTok අත් හිටුවිය යුතු තත්වයක පවතී

. TikTok කිරීමට පාසැල් නිළ ඇදුමෙන් ගිය සිසුවියක් අපයෝජනයට ලක්වී අද මුල්ලේරියාව රෝහලේ සිටිනා බවද වාර්ථා වී ඇත. වගකිවයුතු සියළු දෙනාගේ අවධානය මේ පිළිබඳව යොමුවිය යුතුය. කාළයෙන් කාළයට අපේ ළමයින්ව ගිල දැමීමට එන මාරයන් ගැන දෙමව්පියන්ද අවබෝධයෙන් හා අවදානයෙන් සිටිය යුතු අතර , ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙන්ම ළමයින් වෙනුවෙන් සේවය කරනවා යැයි කියනා ආයතන , සියළු සිවිල් සංවිධාන විසින් සමාජය දැනුවත් කිරීමෙහි පුළුල් දීර්ගකාලීන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතුමය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56