දුරකථන ඇමතුමකින් විපක්ෂ නායක විසඳූ ගැටලුව

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නිවාස විෂය තමන් සතුව පවත්වාගෙන යමින් මෙරට සමස්ත ජනතාවගේ නිවාස ගැටලුව විසඳීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පැවති ජංගම සේවයට අද එක්වෙමිනි.

ප්‍රදේශවාසීන් – “කිරි ගොවීන් 75 දෙනෙක් ඉන්නවා.කිසිදු ගොවියෙකුට තණබිමක් ලැබිලා නැහැ. බිම් අඟලක්වත් රජයකින් ලැබිලා නැහැ. අක්කර 2000ක් වෙන් කරලා පෙන්නලා තියෙනවා.“ 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –  කොහෙද අක්කර 2000ක් තියෙන්නේ ? ඒ වන සංරක්ෂණයේද?

ප්‍රදේශවාසීන් – හතර මායිම් පෙන්නලා ගල් දාලා කිරි ගොවීන්ට මේක තණබිම කියලා අපිට දීලා නැහැ.

ප්‍රදේශවාසීන් – ගරු නායකතුමනි, මේ මගේ දෙවැනි දරුවා.දරුවා ඉපදිලා දවස් 5න් සැත්කමක් කළා.මාස 3න් තව සැත්කමක් කළා මොළේට වතුර පිරෙනවා කියලා.තවත් ශල්‍යකර්මයක් කිරීමට තියෙනවා නායකතුමනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – සල්ලි යනවාද සැත්කම්වලට ?

ප්‍රදේශවාසීන් – ඔව්

 “ශල්‍යකර්ම දෙකක් කරලා තියෙනවා කරාපිටියේ. හැබැයි මෙයාලට හුඟක් එක්ස්පෙන්සස් ගිහින් තියෙනවා. ඒ ශල්‍යකර්මය නැෂනල් හොස්පිට්ල් එකේ කරලා දෙන්න පුළුවන්ද? ෂුවර්ද? එයාලට කිසිම මුදලක් යන්නේ නැහැනේ ? බොහොම ස්තුතියි.“ යනුවෙන්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජංගම දුරකථයෙන් වෛද්‍යවරයෙකු අමතමින් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – ඔයාගේ ශල්‍යකර්මය කිසිම වියදමක් නැතුව නොමිලේ කරලා දෙයි. ඔයාට තියෙන්නේ කොළඹ යන්න විතරයි. පුළුවන්ද එක කරන්න? මෙයාට පොඩි උදව්වක් කරන්න පුළුවන්නේ ?

“අපි ආරම්භ කළ නිවාස වැඩසටහන වත්මන් රජය නවත්වපු නිසා ජනතාවට ප්‍රශ්න, පැහැදිලිව කියන්න කැමතියි සමගි ජන බලවේගය රටේ ආණ්ඩු බලය ගත්තාම අනිවාර්යයෙන්ම නිවාස විෂය මං ගාව තියාගෙන, සමස්ත ජනතාවගේ නිවාස ගැටලුව විසඳනවා,“ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21