T56 කේස් එකට දුමින්දව සම්පූර්ණයෙන් ම මුදා හරිනවා ද නැද්ද – තීන්දුව ජුලි 29

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් T56 ගිනිඅවිය සම්බන්ධ නඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සම්පුර්ණයෙන් මුදා හරිනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමට ලබන 29 වන දින නැවත නඩුව කැඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද (15) නියෝග කළා.

සිව් වන සැකකරු වන දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර දුමින්ද දිසානායක මහතාට මහාධිකරණයෙන් ඇප නියම කර ඇති බව දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට දැන්වූවා.

සිව්වන සැකකරු වන දුමින්ද දිසානායක මහතාට එරෙහිව ගිනිඅවි ආඥා පනතේ 22 වන සහා 43 වන වගන්ති යටතේ චෝදනා එල්ල කළ ද එම චෝදනා දෙක පවරා පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නඩු තීන්දු කිහිපයක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති වීම පදනම් කර ගනිමින් තුන්වන සැකකරු නඩුවෙන් මුදා හැරියා සේම ගිනිඅවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති වීම හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 186 වන වගන්තිය යටතේ දුමින්ද දිසානායක මහතා ද මෙම නඩුවෙන් සම්පුර්ණයෙන් මුදා හරින ලෙසට ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ගිනි අවිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ එක් අවස්ථාවක දී අදාළ රන් පැහැ ආලේපිත ගිනි අවිය මාධ්‍යයෙන් දුටු අවස්ථාවේ දී දුමින්ද දිසානායක මහතාගේ පියාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සන්තකයේ මෙම ගිනි අවිය තිබූ බවට මතකයක් ඇතැයි දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්ත ද ඒ බව තහවුරු කර ගැනීමට නොහැකි වූ බවත් ගිනිඅවිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

මහාධිකරණ නියමය අනුව සිව් වන සැකකරු වන දුමින්ද දිසානායක මහතා මහාධිකරණයෙන් නියම කරන ලද ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කළ අතර ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඇති සාක්ෂි පිළිබඳ ව අධිකරණය සෑහීමකට පත්වීම හේතුවෙන් පළමු හා දෙවැනි සැකකාරියන් දෙදෙනා නැවත රක්ෂිත බන්ධනාගාර කිරීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

පළමුවන සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාත්, දෙවන සැකකාරිය වෙනුවෙන් නීතිඥ තීක්ෂණ පතිරණ සහා 4 වන සැකකරු වන දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, රවී මතුගම, වරුණ ජයසිංහ ඇතුළු නීතිඥ මඩුල්ල පෙනී සිටියා.

වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක තිබී රන් ආලේපිත T56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා පසුගිය මැයි මස 23 දින අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27