T56 කේස් එකට දුමින්දව සම්පූර්ණයෙන් ම මුදා හරිනවා ද නැද්ද – තීන්දුව ජුලි 29

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් T56 ගිනිඅවිය සම්බන්ධ නඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සම්පුර්ණයෙන් මුදා හරිනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමට ලබන 29 වන දින නැවත නඩුව කැඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද (15) නියෝග කළා.

සිව් වන සැකකරු වන දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර දුමින්ද දිසානායක මහතාට මහාධිකරණයෙන් ඇප නියම කර ඇති බව දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට දැන්වූවා.

සිව්වන සැකකරු වන දුමින්ද දිසානායක මහතාට එරෙහිව ගිනිඅවි ආඥා පනතේ 22 වන සහා 43 වන වගන්ති යටතේ චෝදනා එල්ල කළ ද එම චෝදනා දෙක පවරා පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නඩු තීන්දු කිහිපයක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති වීම පදනම් කර ගනිමින් තුන්වන සැකකරු නඩුවෙන් මුදා හැරියා සේම ගිනිඅවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති වීම හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 186 වන වගන්තිය යටතේ දුමින්ද දිසානායක මහතා ද මෙම නඩුවෙන් සම්පුර්ණයෙන් මුදා හරින ලෙසට ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ගිනි අවිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ එක් අවස්ථාවක දී අදාළ රන් පැහැ ආලේපිත ගිනි අවිය මාධ්‍යයෙන් දුටු අවස්ථාවේ දී දුමින්ද දිසානායක මහතාගේ පියාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සන්තකයේ මෙම ගිනි අවිය තිබූ බවට මතකයක් ඇතැයි දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්ත ද ඒ බව තහවුරු කර ගැනීමට නොහැකි වූ බවත් ගිනිඅවිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

මහාධිකරණ නියමය අනුව සිව් වන සැකකරු වන දුමින්ද දිසානායක මහතා මහාධිකරණයෙන් නියම කරන ලද ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කළ අතර ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඇති සාක්ෂි පිළිබඳ ව අධිකරණය සෑහීමකට පත්වීම හේතුවෙන් පළමු හා දෙවැනි සැකකාරියන් දෙදෙනා නැවත රක්ෂිත බන්ධනාගාර කිරීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

පළමුවන සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාත්, දෙවන සැකකාරිය වෙනුවෙන් නීතිඥ තීක්ෂණ පතිරණ සහා 4 වන සැකකරු වන දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, රවී මතුගම, වරුණ ජයසිංහ ඇතුළු නීතිඥ මඩුල්ල පෙනී සිටියා.

වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක තිබී රන් ආලේපිත T56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා පසුගිය මැයි මස 23 දින අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?