T20 පිතිකරණ ලැයිස්තුවේ පොඩි සනාට ස්ථාන 26කින් උසස් වීම්

පන්දුවාර 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ස්ථාන 26කින් ඉදිරියට ඒමට සමත් ව සිටිනවා.

මෙම නවතම යාවත්කාලීන කිරීම් පසුගියදා (ජනවාරි 07) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සිදු කර ඇති අතර කුසල් පෙරේරා හට මේ වනවිට හිමි ව ඇති ස්ථානය 10 වැනි තැනයි.

පන්දුවාර 20 පිතිකරුවන්ගේ මුලසුන තවමත් ඔස්ට්‍රෙලියාවේ ට්‍රවිස් හෙඩ් හට හිමි ව තිබෙනවා.

එංගලන්තයේ පිල් සෝල්ට් හට දෙවැනි ස්ථානය හිමි ව ඇති අතර ඉන්දීය ක්‍රීඩක ටිලක් වර්මා තුන්වැනි තැනට පත් ව තිබෙනවා.

පැතුම් නිස්සංක මෙම ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් පහළට බැස ඇත්තේ සිය ස්ථානය 07 වැනි තැන බවට පත් කරගනිමින්.

කුසල් මෙන්ඩිස් ද එක් ස්ථානයකින් පහත බැස ඇත්තේ සිය ස්ථානය 12 වැනියා බවට පත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?