T20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලින් වනිඳු පහළට

ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පසුගිය සතියේ දී සිදු කළ (15) නවතම යාවත්කාලීනවලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ස්ථානයක් පහතට ඇදවැටී තිබෙනවා.

ඒ අනුව වනිඳු T20 පිටියේ තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ 06 වැනි ස්ථානයේ සිට පසුබැස ඇත්තේ 07 වැනි ස්ථානය දක්වායි.

වනිඳු ‍රැඳී සිටි සයවැනි ස්ථානය ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබීට හිමි ව තිබෙනවා.

මෙම ලැයිස්තුවේ පළමු තැන එංගලන්තයේ ලියැම් ලිවින්ග්ස්ටෝන්ට හිමිව ඇති අතර දෙවැනි තැන හිමිව ඇත්තේ නේපාල් ක්‍රීඩක ඩිපේන්ද්‍ර සින්ග් හටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
3
+1
2
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?