T-56 වර්ගයේ ගිනි අවියක් සමඟ අයෙක් මිදිගම දී අල්ලයි

T-56 වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් මිදිගම හන්දිය ප්‍රදේශයේදී අද (19) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා සමඟ යතුරුපැදියක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, ඔහු යම් අපරාධයක් සිදුකිරීමේ සූදානමින් පැමිණ ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?